Showing posts with label පුංචි පහේ මං. Show all posts
Showing posts with label පුංචි පහේ මං. Show all posts

Wednesday, June 9, 2010

බිත්තරයේ අන්දරය

6

ඔන්න මම දැන් කියන්න යන්නේ මම පුංචි සන්දියෙ මට වෙචිචි ඇටිටි හැලෙන(මට හැලුනට ඔයාලට හැලෙයිද දන්නේ නෑ) දෙයක් ගැන. ආසයිද දැනගන්න? ඔන්න එහෙනං අහගන්නකො!

ඔන්න ඉතින් එතකොට මම 1 වසරෙ මගේ නංගි පෙර පාසල් යනවා.ඔන්න ඉතින් නිවාඩු කාලෙත් ආව කියමුකො. අපිට ඉතින් මගුල් වගේ තමයි.ඔන්න ඉතින්අපි දෙන්නට මාර වැඩක් තමයි උනේ....!!

දවසක් නංගි මොනාද මන්දා අරගෙන මගේ ලංගට ආවා. හැබැයි ආවෙිනං අත් දෙකත් පිටිපස්සට කරගෙන. ඇවිත් "අක්කි අපි වැඩක්

කරමුද ?" කියලා ඇහුවා මම ඇහුවා" මොකක්ද?" කියලා එතකොට නංගි කියනවා "අක්කි අපි මෙි බිත්තරෙන් පැටියෙක් ගමු" කියලා මමත් ඉතින් දන්නැද්ද මොනා උනත් නංගිනෙ කියලා සප් එක දෙන්න තීරණය කලා. ඊට පස්සෙ මම ඇහුවා "හරි කොහොමද අපි එහෙම කරන්නේ" කියලා නංගි කිවිවා " අපි දෙන්නා මෙි බිත්තරේ තියන්න තැනක් හොයාගෙනඉමු" කියලා ඉතින් තැනක් කිවිවට ඒ දවස් වල හැටියට ඉතින් තැනක් කිවිවට කූඩුවක්ම ඔීන වෙයි කියලා හිතුන . මොනා කරන්නද ටිකිරි ‍මොලනෙ!

ඉතින් අපි දෙන්නා මෝඩ ජෝඩුව වගේ ඉතින් හැම තැන‍ම කූඩු හෙවිවා අයියෝ කූඩුවක් තියා පෙන්දක්වත් හමිබ වුනේ නෑ. දුක තමා මොනා කරන්නද?

ඉතින් ඔන්න අපේ නංගිට මරේ මරැ අයිඩියා එකක් ඇවිල්ලා මට කිවිවා "අක්කි අපි දෙන්නා එකතු වෙලා කූඩුවක් හදමු කියලා" මටත් මොකද මමත් කකුල් දෙකෙන්ම "හා"කිවිවා. ඔන්න ඉතින් නංගියි මායි කොස් කොළ වලින් කූඩුවකුත් හැදුව කියමුකො.හයියෝ ඔන්න ඊලග පුරස්නෙ! කොහෙද අපි කූඩුව තියන්නේ? හයියෝ!! අපි දෙන්නටමයි

වෙන්නෙ!! නංගි කිවිවා "හරි අක්කි අපි මෙික අන්දර වැට උඩින් තියමු" කියලා බලන්නකො ඒකෙත් හැටි ඔක්කොම අයිඩියාස් දෙන්නෙ නංගි. මම හැමඑකටම උඩිම කැමති වෙවී කියන

දේම කර කර ඉන්නවා. මොනා කරන්නද ඉතින් කාගෙ වුනත් දරැවෙක් නෙ කියලා මම හිත හදා ගන්න ඇති.

ඔන්න ඉතින් අපි බිත්තර රාජයාව කොස් කොල කූඩුවෙි දලා මල් වැට උඩිනුත් තිබිබා. අනේ ඒකෙ බරටම රෑං ගාලා වැටුනා. ඔික කරන්න පුලුවනැයි.

දැන් මාර වැඩෙි කොහෙද මෙි බිත්තරේ තියන්නේ නංගියි මායි දන්න දහන් ගැට දාලා කල්පනා කරා ඔන්න දෙන දෙයියො ටොකු ඇන ඇන දෙනවා කියන්නේ

නිකන් නෙවෙයිනේ. ඔන්න ඉතින් මට ආව කියන්නෙි මරේ මරැ අයිඩියා එකක් ආයෙ කියලා වැඩක් නෑ. ඒක නිසා කියන්න නිකන් බෑ බෑ වගේ. ඒත්

කියන්නංකො. මම නංගිට කිවිවා "නංගි අපි මෙි බිත්ත‍රේ මගේ ඉස්කෝලෙ පොත් ගෙනියන බෑග් එකට දාමු. එතකොට මුකුත් වෙන එකක් නෑ" කියලා

එතකොට බිත්තරේ උනුසුමි වෙලා පැටියා එලියට එයි කියලා. අපේ අමිමා නිවාඩු කාලෙ නිසා බෑග් සෝදලා අල්මාරියෙ දාලා තිබුනේ. අපිටත් මොකද?

ගියා කාමරේට ගිහින් අල්මාරිය ඇරලා ගත්තා බෑග් එක අරගෙන ‍පොඩි සාක්කුවකට බිත්තරේ දාලා ෂිප් එකත් වහලා ආයෙත් අල්මාරියට දාලා වැහුවා.

ඊට පස්සෙ අපි ඒ බාරෙනුත් අයින් වුනා . ඇයි දෙයියනේ බිත්තරේ තියන්න තැනක් හොයා ගන්න වින්ද දුක!!!!! ඔන්න ඉතින් අපි නිවාඩු මාසෙ ඉතුරැ දවසුත්

අපේ අනිත් වැඩ කිඩ දාලා අමිමගෙනුත් ආෂික් එකේ ප්‍රතිචාර හෙම අරගෙන හිටියා. ඔන්න ඉතින් ඉස්කෝලෙ යන දවසට කලින් දවසෙ රෑ නංගීයි මායි සෙල්ලං කර කර හිටියා.

අප්පචිචියි අමිමයි මට ඉස්කොලෙ යන්න පොත් ලෑස්ති කරනවා. ඔන්න ඉතින් ටික වෙලාවක් ගියා. මෙන්න බොලේ කාමරේ ඇතුලෙන් මහා සද්දයක් එනවා.

අපි දෙන්නත් ඉතින් මොකද දුවගෙන ගියා මොකක්ද කියලා බලන්න. චීයියියියියියියියියියියියියා........!!! මහා ගදක් එනවා හපොයි!!අපි පරිස්සමට තියලා තිබිබ

බිත්තර ගෙඩිය චුරැ වෙලා අනේ ඉතින් වෙචිචි දේ‍ට මක් කොරන්නද කිවිවලු. අපි දෙන්නට ඔික නිකමටවත් මතක් උනේනැති හැටියක්? හමිමිමි මදැයි කොලා ඒකෙන් මෙිකෙන්

අන්තිමට වුනේ මම ගොඩාක් ආදරේ කරපු මගේ ආදරණීය බෑග් එක අහිමි උන එක විතරයි.අමිමයි අප්පචිචියි නං අවුලක් උනේ නෑ සීන් එක කිවිව නිසා.එයාලට මැරෙන්න හිනා.

පහුවෙනිදා ඉතින් මම ඉස්කෝලෙ අරගෙන ගියේ දන ගාලා බඩ ගාලා ඉල්ල ගත්ත නංගිගෙ බෑග් එක අරගෙන. හනේ ඉතින් මම පවි අප්පා!

ඔන්න ඔීක තමයි ඉතින් කතන්දරය!